කිරි, යෝගට්, චොක්ලට්, පලතුරු, මල්  ගෙන ඒමත් තහනම්

623

භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයකට පැනවූ ආනයන සීමාව

භාණ්ඩ වර්ග 300කට වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීම මුදල් අමාත්‍යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත. මේ අනුව එච්. එස්.කේත 305කට අදාළ ආනයනික භාණ්ඩ මෙසේ ආනයනය කිරීම  නවත්වා තිබේ.

ආනයන සහ අපනයන පාලන පනත යටතේ ඇති බලතල ප්‍රකාරව මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අගෝස්තු 23 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අදාළ භාණ්ඩ ආනයන තහනම පනවා ඇත.

මෙම ආනයනය අත්හිටවූ භාණ්ඩ අතරට කිරි, යෝගට්, චොකලට් හා අනෙකුත් කොකෝවා නිෂ්පාදන, කජු වර්ග, පතුරු, ජලය, එතිල් මද්‍යසාර කැපු මල්, මල් පොහොට්ටු, විසිතුරු දේ සඳහා භාවිතා කරන ශාක කොටස්, පොල් දියර, පොල් කිරි, පොල් මගින් නිෂ්පාදන අරක්කු, සුවඳ විලවුන්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, රූපලාවණ්‍ය උපකරණ හා මෙවලම්, ශීත කබා ජැකට්, ඉදිකිරීම් මෙවලම්, රැවුල කැපීමේ උපාංග, කොණ්ඩා සැකසුම් උපාංග, ටයිල්, ගඩොල්, සෙරමික් වර්ග සහ මුළුතැන්ගෙයි උපකරණ යනාදිය වෙයි.

මෙම ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ වර්ග අගෝස්තු 23 දිනට පෙර ඇණවුම්කර නැව්ගතකර ඇත්නම් ඒවා 2022 සැප්තැම්බර් 14ට පෙර මෙරට වරායකට හෝ ගුවන් තොටුපොළකට ළඟා වන්නේ නම් ඒවා නිදහස් කිරීමට රේගුඩුවට අවසර දී ඇත.

මේ අතර ප්‍රති අපනයනය සඳහා ආනයනය කරන භාණ්ඩ ආනයන හා අපනයන පාලකවරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර ලබා දීමටද නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment