සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල සංශෝධනයක්

532

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 365කි.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 420කි. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 351කි.ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 421කි.මෙම මිල සංශෝධනය ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment