ජාතික සංවර්ධනයට සහයෝගිතා පවුරක් ගොඩනගන NSBM හරිත විශ්වවිද්‍යාලයේ Business Dialogue සහයෝගිතා හමුව

45

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NSBM හරිත විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කළ “Business Dialogue සහයෝගිතා හමුව” පසුගියදා හෝමාගම පිටිපන NSBM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙරට අනාගත සංවර්ධන ගමන් මග පෝෂණය කිරීම උදෙසා විවිධ ක්ෂේත්‍ර එක් වන සහයෝගිතා පවුරක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම හමුව සඳහා උසස් අධ්‍යාපන, ව්‍යාපාර සහ දේශපාලන වැනි ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

NSBM හරිත විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන “Business Dialogue” සඟරාව ශාස්ත්‍රීය දැනුම සහ ප්‍රායෝගික ව්‍යාපාර භාවිතයන් අතර සහයෝගිතාව පෝෂණය කිරීමට විශ්වවිද්‍යාලයේ ඇති කැපවීම පිළිබිඹු කරන ප්‍රමුඛ ක්‍රියාංගයකි. ක්ෂේත්‍ර රාශියක් පුරා විහිදෙන වෘත්තීයවේදීන්ගේ අදහස් සහ ප්‍රවීණතාව පිළිබිඹු කරන සංවාද ඇතුළත් වන මෙම ද්වි-වාර්ෂික සඟරාව හරහා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර දැනුමේ ඒකාබද්ධතාව පෝෂණය කරන අද්විතීය පාලමක් නිර්මාණය කරයි.

“Business Dialogue සහයෝගිතා හමුව” NSBM හි මෙම දැනුම ඒකාබද්ධ කිරීමේ ගමන් මගෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ජාතියේ අභිවෘද්ධිය සඳහා දැනුම ඒකාබද්ධ කිරීමේ අරමුණ උදෙසා විවිධ ක්ෂේත්‍ර අතර සහයෝගිතාව ඇති කිරීම අරමුණු කර ගත් මෙම විද්වත් හමුවේ ප්‍රධාන තේමාව වූයේ “ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත” යන්නයි. ඒ අනුව මෙහි දී වත්මන් සමාජ-ආර්ථික භූ දර්ශනය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර සංවර්ධනය කරා රට මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment