කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරයෙන් මෙගා වොට් 212ක්

305

කෙරවලපිටියේ ඉදිවන මෙගාවොට් 350 කින් සමන්විත සොබාදනවි ද්විත්ව චක්‍රීය (එල්එන්ජී) විදුලි බලාගාරයෙන් මෙම වසර අගදී මෙගාවොට් 212 ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව එල්. ටී. එල්. හෝල්ඩින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධම්මික නානායක්කාර මහතා පැවසීය.

මෙම බලාගාරය අදියර දෙකක් යටතේ ඉදිවන අතර ඒ අනුව ඉතිරි මෙගාවොට් 138 ලබන වසරේදී ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතව ඇත. මෙරට බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස කෙරවලපිටියේ ඉදිවෙන මෙම ද්විත්ව චක්‍රීය (එල්එන්ජී) විදුලි බලාගාරය ශක්තියක් බව ද ඒ මහතා කීය.

මේ අතර උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය යටතේ තවත් මෙගාවොට් 120 ක්ද ලබන ඔක්තෝම්බර් මසදී ජාතික පද්ධතියට එක් කරන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ. ඒ අනුව මෙම වසර තුළ ජාතික විදුලි පද්ධතියට අලුතින් මෙගාවොට් 332 ක් එක්වන බැවින් විදුලි අර්බුදයට තාවකාලිකව විසඳුමක් ලැබෙන බව ද ඔවුහු කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment