ජනපතිගේ පළමු චීන සංචාරය ඔක්තෝබරයේ

201

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඔක්තෝබර් මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. එය ඔහු ජනපති ධුරයට පත්වීමෙන් පසු කරන පළමු චීන සංචාරය වේ. කොළඹ වරාය මූල්‍ය නගරය සඳහා ආයෝජන කඩිනම් කිරීමත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස සඳහා අරමුදල් නැවත ලබා ගැනීම කෙරෙහිත් මෙහිදී මූලික අවධානය යොමු කෙරෙනු ඇත.

එසේම ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක අරමුදල් ලබා ගැනීමට අපේක්ෂිත හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතිය සඳහා චීන ආයෝජනය පිළිබඳව මෙහිදී චීන ශ්‍රී ලංකා නායකයන්ගේ අවධානය යොමු කෙරෙනු ඇත. ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment