ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත් මැයි මාසයේදී – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

59

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත පෙරේදා දිනයේ ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේදී ගැසට් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර කාන්තා දින සමැරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදුවිය. එසේම ‘ලිය සවිය’ ණය ලබාදීම ද සංකේතාත්මක ආරම්භ වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මේ අවස්ථාවට කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ද එක්ව සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment