ලිස් ට්‍රස් එංගලන්තයේ අගමැති ධුරයට පත්වේ

223

එංගලන්තයේ නව අගමැතිවරයා වශයෙන් පත්ව සිටින ලිස් ට්‍රස් හට නව රජයක් පිහිටුවීම සඳහා එලිසබෙත් මහ රැජින විසින් අද හෙටම ආරාධනා කිරීමට නියමිතව ඇති බව එංගලන්ත මාධ්‍ය පවසයි. එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා පෙරේදා (05දා) පැවති එම පක්ෂ සාමාජිකත්වයේ ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 57.4ක් ලබා ගනිමින් ලිස් ට්‍රස් පාලක පක්ෂයේ නායකත්වයට පත් විය.

ට්‍රස්ගේ විරුද්ධවාදී තරගකරුවා වූ හිටපු මුදල් ලේකම් රිෂි සුනක් හට පෙරේදා පැවති ඡන්ද විමසීමේදී ලැබුණේ සියයට 42,6ක ප්‍රතිශතයකි. මේ අනුව පාලක පක්ෂයේ නායකත්වයට පත් 47 හැවිරිදි ට්‍රස් එංගලන්තයේ අගමැති ධුරයට පත් වන තෙවැනි කාන්තාව බවට පත් වනු ඇත. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ව්‍යාපාරයේ (බ්‍රෙක්සිට්) ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ට්‍රස් පැවති බොරිස් ජොන්සන් රජයේ විදේශ කටයුතු ලේකම්වරිය වුවාය. බොරිස් ජොන්සන් ඊයේ දිනයේ ලන්ඩනයේ ඩවුනින් වීථියේ අංක 10 ස්ථානයේ පිහිටි අගමැති නිල නිවසින් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment