උතුරු චීනයේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

183

ඉකුත් බදාදා උතුරු චීනයේ හෝටලයක සිදු වූ පිපිරීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ (14දා ) වන විට 7ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර තවත් 27 දෙනකු එම පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

උතුරුදිග චීනයේ මධ්‍යම හෙබෙයි පළාතට අයත් සැන්හේ නගරයේ පිහිටි සිවුමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ තිබූ හෝටලයක හටගෙන ඇති පිපිරීමට ගෑස් කාන්දුවක් හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර එම පිපිරීමත් සමගම පැතිර ගිය ගින්න හේතුවෙන් අදාළ ගොඩනැඟිල්ල මුළුමනින්ම විනාශ වී ගොස් ඇති අතර තවත් යාබද ගොඩනැඟිලි තුනකට මෙන්ම අවට නවතා තිබූ මෝටර් රථ රැසකට හානි සිදුව ඇති බව චීන සමාජ මාධ්‍ය ජාල විසින් වාර්තා කර තිබිණි. අදාළ පිපිරීමට හේතු වූ නිශ්චිත හේතුව අනාවරණය වී නැතත් ඒ හේතුවෙන් හටගත් ශබ්දයත් සමගම අවට පිහිටි ගොඩනැඟිලි රැසක් සෙලවීමකට ලක්ව ඇති බව වාර්තා වේ. පිපිරීමත් සමගම හටගත් ගින්න නිවා දැමීම සඳහා පැමිණ ඇති ගිනි නිවන හමුදා භටයන් අවට සිටි ජනතාව ඉවත් කිරීමෙන් පසු ගින්න නිවා දමා ඇති බව වාර්තා වේ. පිපිරීම හටගත් ගොඩනැඟිල්ල අවට ප්‍රදේශය සුන්බුන්වලින් පිරී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment