පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දමයි

106

ඉකුත් 15 වැනිදා ආරම්භවූ රුසියානු ජනාධිපතිවරණයේදී ජනාධිපති වැලැද්මියර් පුටින් සිය ඡන්දය පාවිච්චි කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමයටය. රුසියානු වැසියන්ට ඔන්ලයින් ක්‍රමයටද ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් රුසියන් මැතිවරණ කොමිසම හඳුන්වා දී ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ද ඔන්ලයින් ක්‍රමයට සිය කාර්යාලයේ සිට ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍යවේදීන් ඉදිරියේය.

රුසියාව යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කරගෙන සිටින අතර, එය රුසියන් බල ප්‍රදේශයක් ලෙස සැලකෙයි.

ඒ අනුව ක්‍රිමියාවේත්, යුක්රේනයේ රුසියන් පාලනයේ පවතින සෙසු පළාත්වලත් ඡන්දය පැවැත්වෙයි.

ඡන්ද ප්‍රතිඵල ඊයේ (17දා) නිකුත්වීමට නියමිතව තිබුණි. 2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්විය.

ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment