හොර සහතික පෙන්වා ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ගෙන්වීමේ විමර්ශන ඖෂධ අධිකාරිය යට ගහලා – සීඅයිඩී යට පැමිණිල්ලක්

54

‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ එන්නත මෙරටට ගෙන්වූ ආකාරයටම ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් ගෙන්වා ඇති ‘ප්‍රෙඩ්නිසිලෝන්’ නමැති ඖෂධ පිළිබඳ විමර්ශන ඖෂධ අධිකාරිය යට ගසා ඇති බැවින් ඒ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් ඊයේ (26දා) පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම වසරේ ජනවාරි මස ‘ප්‍රෙඩ්නිසිලෝන්’ නමැති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ ‘WOR’. සහතිකයක් සහ ඊට අදාළ තවත් ව්‍යාජ සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරියට වාර්තා වී ඇතත් ඒ පිළිබඳ විමර්ශන සූක්‍ෂම ලෙස කටයුතු යට ගසා ඇති බැවින් මෙම ජාවාරම ඖෂධ අධිකාරියේ දැනුවත්ව සිදුවූවක් බව බලමණ්ඩලය සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment