වයෝවෘද්ධ කතක් ත්‍රිරෝදයක රඳවාගෙන 10000 ක් කප්පම් අරන්

49

පසුගිය ජනවාරි 13 වැනිදා මහබාගේ නගරයේ පිහිටි සත්ත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසලදී සිය සුනඛයාට ප්‍රතිකාර ලබාදීමට පැමිණි වයෝවෘද්ධ කාන්තාවක් ඇය පැමිණි ත්‍රිරෝද රථය තුළම පැය දෙකකට අධික කාලයක් බලහත්කාරයෙන් රඳවාගෙන රුපියල් 10,000 ක කප්පමක් ලබාගෙන පසුව දුරකථන ඇමතුම් ලබාදෙමින් තවත් රුපියල් 15,000 ක කප්පමක් ලබා ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධියක් වැලිසර පොලිසියෙන් වාර්තා වේ.

නැසීගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ඥාති සොහොයුරියක වන පමුණුගම ප්‍රදේශයේ පදිංචි ෆිලීෂියා පෙරේරා මහත්මිය පොලිස් මූලස්ථානයට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අනුව පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් වැලිසර පොලිසිය එම කප්පම් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබේ. පාදයක් ශල්‍යකර්මයකට ලක්කළ තැනැත්තියක වන පැමිණිලිකාර වයෝවෘද්ධ කාන්තාව සිය සුනඛයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා එම ප්‍රතිකාර මධ්‍ය්ථානයට ගොස් සිටියදී, සුනඛයකු රැගෙන එහි පැමිණි තරුණයකු ඇගේ සුනඛයා අසලින්ම ගමන් කිරීම නිසා ඇගේ සුනඛයා ඔහුව සපාකෑමට උත්සාහ දරා ඇති බව එම පැමිණිල්ලෙන් කියැවිණි. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එදින සිටි සහකාර වෛiවරිය පැමිණිලිකාරියගේ සුනඛයාගේ රෝග නිශ්චිත පොත් දෙක එම සුනඛ දත් පහර දෙකක් වැදී තිබූ එම තරුණයාට ලබාදී ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පිටත්කර යැවූ බවත් එම අවස්ථාවේදී කඩාවැදුණු පිරිසක් පැමිණිලිකාර වයෝවෘද්ධ කාන්තාව හා ඇගේ සුනඛයා බිමට බස්සවා යන ලෙසට ත්‍රිරෝද රථ රියැදුරුට තර්ජනය කර ඇති බවත් එම පැමිණිල්ලෙන් කියැවිණි. එම තර්ජනය අනුව ත්‍රිරෝද රථ රියැදුරු කටයුතු නොකිරීම නිසා පැමිණිලිකාරිය අසල පහිටි බැංකු ආයතනයක් වෙත රැගෙන ගොස් ඇගේ බැංකු කාඩ්පතින් රුපියල් 10,000 ක් ලබාගෙන පලාගොස් තිබූ බවත් පසුව සුනඛයායේ ප්‍රතිකාර සහටන් පොත් ආපසු ලබාදීමට නම් තවත් රුපියල් 15,000 ක කප්පමක් ඉල්ලා දුරකථන මගින් තර්ජනය කර තිබේ. ඇය පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ල අනුව ඇයව බලහත්කාරයෙන් ත්‍රිරෝද රථය තුළ රඳවාගෙන කප්පම් ලබාගත් පුද්ගලයා සොයා ගැනීමට නොහැකිවිම නිසා සුනඛ සපාකෑමට ලක්වූ තරුණයාගේ ඥාති කාන්තාවන් දෙදෙනකු හා වෙනත් පුද්ගලයකු කැඳවා පැමිණිල්ල විභාග කොට සමථයකට පත්කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment