කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශයේ ‘යූපීඑස්’ එක ගිනි අරන්

85

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග සායන ඒකකය තුළ තිබූ විදුලි ආරෝපිත උපකරණයක් ඊයේ (23දා) පෙරවරුවේ ගිනි ගැනීම නිසා හානියට පත්ව ඇති බැව් ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙකී උපකරණය පරිත්‍යාගයක් වශයෙන් කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයට ලැබි තිබුණි. හෘද රෝග ඒකකයේ පළමු මහලේ කාමරයක් තුළ මෙකී යන්ත්‍රය තිබී ඇත. විදුලි කාන්දුවක් නිසා මෙකී ගිනි

ගැනීම සිදුවී ඇති අතර යන්ත්‍රයට වී ඇති හානිය මෙතෙක් ගණන් බලා නැත. ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන රථය මෙකී ගින්න නිවා දැමීම සඳහා පැමිණ තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment