පාකිස්තාන අන්තවාදීහු පොලිස් ස්ථානයේ සිටි අයෙක් මහමගට ගෙන ගොස් ඝාතනය කරති

346

පාකිස්තානයේ වර්ධර්ටන් පොලිස් ස්ථානයට කඩා වැදුන ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් සිරමැදිරියේ රඳවා සිටි අයෙක් මහමගට ගෙන ගොස් පහරදී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

ඉස්ලාම් දහමට අවමන් කිරීමේ චෝදනාව මත වසර 2 ක් සිරගතව සිටි එම තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සිද්ධිය ගැන වහාම පරීක්‍ෂණ පවත්වන ලෙස පාකිස්තාන අගමැති ෂෙම්නාස් නියෝග කර ඇත. එම ඝාතන සිද්ධියට ලාබාල දරුවන් පවා සම්බන්ධ බවට වීඩියෝ පටවලින් හෙළිවී තිබේ. පාකිස්තානය තුළ අන්තවාදීන් සිදුකළ 2 වැනි මිනිස් ඝාතනය මෙයයි. මෙයට පෙර ශ්‍රී ලාංකික කළමනාකරුවකු ඝාතනය විය.

සිරමැදිරියේ සිටි එම තැනැත්තා මහමගට ඇදගෙන යද්දී පොලිසිය කුමක් කළේද යන්න පාකිස්තාන රජය එරට පොලිස්පතිගෙන් විමසා ඇත.

පාකිස්තානය ජියෝ රූපවාහිනිය පැවසුවේ ඉස්ලාමීය අන්තවාදීන් පොලිස් ස්ථානයට කඩා වදින අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීමට පියවර ගෙන නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment