කොරෝනා-2 එයි

431

කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවන බවත් එය වැළැක්විය නොහැකි බවත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා ඇත. කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදී ඔහු මේ බව පවසා තිබේ.

කොරෝනා -2 වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරාගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

මේ පරීක්‍ෂණයට සාක්‍ෂි දීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද කැඳවා තිබේ.

මහාචාර්ය ඇලෙක්සැන්ඩර් තවදුරටත් පැවසුවේ කොරෝනා – 2 වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වන බව මෙතෙක් හෙළිවී නැති බවයි. මේ බව බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත්පත අනාවරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment