වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000ක් උස්වැටකෙයියාවෙන් අල්ලයි

374

පරිභෝජනයට නුසුදුසු වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ හාරදහසක පමණ තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය මගින් පෙරේදා (15 දා) සොයා ගෙන තිබේ.

මෙරටට ආනයනය කළ මෙම පරිප්පු වර්ණ ගන්වා තිබූ බව එම අධිකාරිය පවසයි.

ඒ අනුව එම පරිප්පු තොගය ද සමග ගබඩාව මුද්‍රා තබා තිබේ. එම පරිප්පු සාම්පල් රස පරීක්‍ෂක වෙත යොමුකර අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment