පුරවැසිභාවය තිබියදීත් බි්‍රතාන්‍යයට නොයෑම හා ලාංකිකයන් රට අතහැර යෑම

5555

කලින් රොඩේෂියාව ලෙස හැඳින්වූ, දැන් සිම්බාබ්වේ, ලෙස හැඳින්වන දේශය පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු දේශපාලන හා සමාජීය වෙනස්කම්වලට භාජන විය. එහි මෑත ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ සුදු ජාතිකයන් සතු ගොවිබිම් සමහරක් පවරා ගැනීම සඳහා රොබට් මුගාබේ විසින් ආරම්භ කරන ලද වැඩසටහනයි. ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහන ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිපත්තියේ අරමුණ වූයේ රටේ සාරවත් භූමියෙන් වැඩි කොටසක් සුදු ගොවීන් සුළුතරයකට හිමිවීමට හේතු වූ ඓතිහාසික අසාධාරණයන් නිවැරදි කිරීමයි.

1990 ගණන්වල අග භාගයේ මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර, සිම්බාබ්වේ ඉඩම් හිමිකම් බෙදීයෑම දැඩි ලෙස සුදු ගොවීන්ගේ පැත්තට බර විය. සුදු ගොවීන් ජනගහනයෙන් 1% ටත් වඩා අඩුවූ නමුත් රටේ හොඳම ගොවිබිම් වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් සතු විය. බි්‍රතාන්‍ය දකුණු අප්‍රිකානු සමාගම විසින් එම ප්‍රදේශය පාලනය කළ යටත් විජිත යුගය මෙහි ආරම්භයයි. සුදු ජාතික පදිංචිකරුවන්ට ඉඩම් ලබාදීම සඳහා ස්වදේශික ප්‍රජාව ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වලින් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී.

මුගාබේගේ ආණ්ඩුව මෙම අසමතුලිතතාව සමනය කිරීමට උත්සාහ කළේ කළු ජාතිකයන්ට ගොවිබිම් හිමිකාරිත්වය ලබා දෙන ඉඩම් නැවත බෙදා හැරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙනි. මෙම වැඩසටහන ආරම්භයේ සිටම මතභේදයට තුඩු දුන් අතර, බොහෝ සුදු ගොවීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් තර්ක කළේ එය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය. තවද මෙය කෘෂිකාර්මික ඵලදායිතාව පහත වැටීමට හේතු වන බවය.

ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ ස්වෙච්ඡාවෙන් විකිණීම සහ ඉඩම් අනිවාර්යෙන් අත්පත් කර ගැනීම යන ක්‍රම දෙකෙහි ම එකතුවක් ලෙසය. කැමැත්තෙන් විකුණන්නන්ගෙන් ඉඩම් මිලදී ගෙන ඔවුන්ට සාධාරණ වන්දියක් ගෙවීමට රජය ඉදිරිපත් වූ නමුත් බොහෝ අවස්ථාවල සුදු ගොවීන් විකිණීම ප්‍රතික්ෂේප කළේය. මේ නිසා රජය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අයිතිකරුවන්ගේ අනුමැතියකින් තොරව ඉඩම් අත්පත් කර ගැනීමට පටන් ගත් තත්වයක් ඇති විය.

වාර්තාවන්ට අනුව, සිම්බාබ්වේ හි ඉඩම් අහිමි වූ බොහෝ සුදු ගොවීන් සැම්බියාව, මොසැම්බික් සහ මලාවි වැනි අසල්වැසි රටවලට සංක්‍රමණය විය. සිම්බාබ්වේ කලින් බි්‍රතාන්‍ය යටත් විජිතයක් වූ බැවින් ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනට පෙර සිම්බාබ්වේ හි ඉඩම් හිමිව සිටි බොහෝ සුදු ගොවීන් බි්‍රතාන්‍ය සම්භවයක් ඇති අය වූහ.

සිම්බාබ්වේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනේදී ඉඩම් අහිමි වූ බොහෝ සුදු ගොවීන් බි්‍රතාන්‍ය සම්භවයක් හෝ පුරවැසිභාවයක් තිබියදීත් නැවත බි්‍රතාන්‍යයට යෑමට තෝරා නොගත්තේ ඇයි.

සිම්බාබ්වේ එක්සත් රාජධානියට වඩා දුප්පත් වුවද, ඔවුන් භුක්ති විඳි ජීවන තත්ත්වය බි්‍රතාන්‍යයේදී ඔවුන්ට උපයා ගත හැකි ජීවන තත්ත්වයට වඩා බෙහෙවින් ඉහළ බව ඔවුහු දැන සිටියහ. සෑම දෙයකටම ඔවුන්ට සේවකයෝ සිටියහ. ඒ වගේම ඔවුන්ට සමාජයේ විශේෂ පිළිගැනීමක් තිබුණි. නමුත් බි්‍රතාන්‍යයේදී ඔවුන් සාමාන්‍ය පුරවැසියන් බවට පත් වෙනවා ඇත.

ඉන්දියාව එක්සත් රාජධානියෙන් නිදහස් වූ විට ඉන්දියාවේ ජීවත් වූ සුදු ජාතිකයන්ට එක්සත් රාජධානියට යෑමට සිදු විය. ඔවුන් බෝහෝ සේ දුක් විය. ඒ ඔවුන්ට අහිමි වූ සමාජ තත්ත්වය ගැනය.

බි්‍රතාන්‍යයේ ජීවත්වීම ඔවුන්ට ආඩම්බරයක් නොවීය.

ශ්‍රී ලංකාවේ හොඳ ජීවිතයක් ගත කළ වෛද්‍යවරු ධනවත් රටවලට ගොස්

රෝගීන් රැකබලා ගන්නන් ලෙස සේවය කරති. ඉංජිනේරුවන් එහි යන්නේ කාර්මිකයන් ලෙස වැඩ කිරීමටයි. කළමනාකරුවන් එහි ගොස් පෙට්‍රල් පොම්පවල වැඩ කරති.

ඇයි?

අපි තවමත් සිතන්නේ දුප්පත් ලෙස වුවත් සුදු රටක ජීවත් වීම, ආඩම්බර විය යුතු දෙයක් ලෙස ය.

ශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment