ඔස්කාර් නිළිය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට

164

මෙම වසරේ පැවති ඔස්කර් සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබූ මැලේසියානු ජාතික නිළියක වන මිචෙල් යිඕ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් වශයෙන් වසර අටක කාලයක් සඳහා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් 17 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු රැස්වීමේදී ඇයව එම කමිටුවේ සාමාජිකයකු වශයෙන් පත් කරගෙන තිබේ. ඉකුත් මාර්තු මාසයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය හිමි කරගත් මිචෙල් එම සම්මානයෙන් පිදුම් ලද ප්‍රථම ආසියානු සිනමා තරුව බවට පත් විය.

තමා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් වශයෙන් ක්‍රීඩාව සෑම අංශයක් කරාම ප්‍රචලිත කිරීමේ කාර්යභාරයට උරදීමට කටයුතු කරන බව ද මිචෙල් පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment