කුරියර් හරහා මත්ද්‍රව්‍ය විකිණූ වෛද්‍ය සිසුවා දැලේ

41

කෝපායි පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී ඉතා සූක්ෂමව කුරියර් සේවාව භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේරා (19) අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටින සියඹලාවැව, රඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකාර සිසුවා සන්තකයේ තිබී නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45 ක් පොලිස් භාරයට ගැනිණි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර කුරියර් සේවා මගින් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩී. පී. යූ. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්. ඩී. කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකළහ.

ප්‍රභාත් විතාන – ඉන්දික තුෂාර – වේයන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment