ගාල්ලේ හසන්ත දිසානායකගේ මට්න් තුර්කියේ සකර්යා සිනමා උළෙලේ දී ජය කෙහෙළි නංවයි

198

ගාල්ල කිතුලම්පිටියේ පදිංචි ශ‍්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ මට්න් නම් කෙටි චිත‍්‍රපටය තුර්කියේ පැවැති ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත‍්‍රපටි උළෙලේ දී ජයග‍්‍රහණය කොට ඇත.

ගාල්ලේ හසන්ත දිසානායකගේ මට්න්  තුර්කියේ සකර්යා සිනමා උළෙලේ දී  ජය කෙහෙළි නංවයි

07 වැනි සකර්යා ජාත්‍යන්තර් කෙටි චිත‍්‍රපටි උළෙලෙහි තරගකාරි අවසන් වටයෙන් මට්න් නමැති කෙටි චිත‍්‍රපටිය ජයග‍්‍රහණය කොට ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හා රුපවාහිනී අධ්‍යාපන පිළිබ`ද උපාධිය හිමිකරගෙන ඇති හසන්ත දිසානායක එහි අවසන් වසරේ නිර්මානය ස`දහා මට්න් නම් කෙටි චිත‍්‍රපටය නිර්මානය කොට ඇත. මෙය විනාඩි 12ක කෙටි චිත‍්‍රපටියකි. ප‍්‍රකට නවකථාකරුවෙකු වන රෝලඞ් ඩාල් විසින් රචිත ලැම්බි ටූ ද ස්ලෝටර් නම් නව කථාව ඇසුරෙන් හසන්ත දිසානායක විසින් මෙම කෙටි චිත‍්‍රපටය නිර්මානය කොට ඇත. රටවල් 197ක නිර්මාන 7000ක් අතුරින් හසන්ත දිසානායකගේ මෙම කෙටි චිත‍්‍රපටය ජයග‍්‍රහණය කිරීම විශේෂත්වයකි.

හසන්ත දිසානායක විසින් නිර්මානය කරනු ලැබූ මෙම කෙටි චිත‍්‍රපටය භූතානයේ ඩිරක් ජාත්‍යන්තර් චිත‍්‍රපටි උළෙල, ඉරානයේ මුවින්, ඉන්දියාවේ මැද්‍රාස් ස්වාධීන, නයිජිරියාවේ බයෙල්සා යන චිත‍්‍රපටි උළෙලවල් ස`දහා ඉදිරිපත් කොට ඇගයීමට පාත‍්‍රවී ඇති බව හසන්ත දිසානායක මහතා කීවේය. කුඩා කල සිට රංගනයට නිර්මානකරණයට ඇලූ‍ම් කළ හසන්ත ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. හසන්ත සිය පළමු නිර්මානය 2016 වර්ෂයේ දී සිදුකොට තිබූ අතර එම කෙටි චිත‍්‍රපටය ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පැවැති තරගාවලියකදී ජනප‍්‍රියම කෙටි චිත‍්‍රපටියට හිමි සම්මානය දිනා ගනු ලැබීය. හසන්ත මෙම මස 20 වැනි දින මෙරටට පැමිණිමට නියමිතව ඇති අතර ඔහු ප‍්‍රසිද්ධ සමාජ සේවකයකු වන උප්පැන්න හා විවාහ රෙජිස්ටාර් සිසිර ජයන්ත දිසානායක මහතාගේ පුත‍්‍රයාය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment