ශ්‍රී ලාංකේය රංග කලාව සුපෝෂණය කළ කලාකරුවෝ – ශිල්පීහු ඇගයෙති

97

ශ්‍රී ලාංකේය රංග කලා ක්‍ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී (19 දා) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන්ට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන පිරිනැමිණි.

ශ්‍රී ලාංකේය රංග කලාව සුපෝෂණය කළ කලාකරුවෝ - ශිල්පීහු ඇගයෙති

ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර , එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු වෙනුවෙන් ද මෙහිදී සම්මාන පිරිනැමිණ.

ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහතා අතින් පිළිගැන්වීය.

නාට්‍ය ඉතිහාසය ඇතුළු නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය නැරඹීමටද එක්විය.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment