තැපැල්හල් කිහිපයක් පැය 24ම වැඩ

290

රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි.ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැවොලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාලවලින් පැය 24 පුරා දඩ කොළ ගෙවිය හැකි බව රථවාහන කොට්ඨාසය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment