මෙරට ජනගහනයෙන් මිලියන 12.3 ක් ආර්ථික අර්බුදය නිසා දැඩි අවදානමක – එ.ජා. සංවර්ධන අරමුදල කියයි

89

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් මිලියන 12.3 ක් දැඩි අවදානමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසයි.

ආර්ථික අර්බුදයට අමතරව, ජනතාවගේ අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමේ නොහැකියාව හේතුවෙන් විශාල පිරිසකට මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම අරමුදල පෙන්වා දෙයි. මෙරට පවුල් ඒකක විසිපන්දහසක් යොදා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

එම සමීක්‍ෂණ වාර්තාවන්ට අනුව උතුරු නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන මිලියන 10.13 ක පිරිසක් මෙලෙස දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment