රුමේනියා රැකියා පෙන්වා කෝටියක් වංචා කළ කතක් අල්ලයි

282

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළ කාන්තාවක්, විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 23 ක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුමේනියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් මෙම කාන්තාව රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට ලැබුණු පැමිණිලි අනුව රාජගිරිය, මැද වැලිකඩ පාර ලිපිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම ස්ථානයේ සැකකාරිය විසින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බව ද හෙළි කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර ද මෙවැනි ක්‍රියා හේතුවෙන් අධිකරණය මගින් ඇප නියමවී ඇති තැනැත්තියක් බව ද විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම වැටලීමට නීති නිලධාරීන් වන කපිල කරුණාරත්න, රවීන්ද්‍ර අබේසිංහ, ඉඳුනිල් පුෂ්පකුමාර හා සහාය නිලධාරීන් වන වසන්ත ඒකනායක, අමිතා ප්‍රියදර්ශනී හා ගයේෂා සුභාෂීණී යන නිලධාරීන් සහභාගි වී ඇත.

චමින්ද සිල්වා, ප්‍රභාන් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment