ඉංජිනේරුවෝ 6000 ක් රට හැර ගිහින්

360

ඉංජිනේරුවන් හයදහසක්දෙනා රට හැර ගොස් සිටින බවත්, තවත් තුන්දහසකට ආසන්න පිරිසක් විදේශගත වීමට අපේක්‍ෂාවෙන් සිටින බවත් වාර්තා වේ.

කොරෝනා ව්‍යවසනයට පෙර මෙරට සමස්ත ඉංජිනේරුවෝ විසිදහසක් පමණ සේවය කළහ. ඉන් හයදහසක් රට හැර ගොස් ඇත. 2800ක් දෙසැම්බර් මස 31 දින රජය ගත් තීරණය අනුව විශ්‍රාම ගැනීමට නියමිතවය ඇත. රජය රටට ඩොලර් උපයා ගැනීමේ අපේක්‍ෂාවෙන් විදේශගත වීමට දී ඇති සහනයට අනුව තවත් 2800 ක් විදේශගතවීමට ඉල්ලා ඇත. 8400 ක් පමණ ඉතිරි වන ඉංජිනේරුවෝ වාරිමාර්ග, මහාමාර්ග, දුම්රිය, සන්නිවේදන, මහවැලි ඉඩම් ගොඩකිරීම්, විදුලිය, ජලය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවාවන්හි සේවයට ඉදිරිපත්වී සිටිති. මෙම සීමිත පිරිස මෙරට සංවර්ධන කාර්යයන්ට කිසි සේත්ම ප්‍රමාණවත් නොවන බව ඉංජිනේරු සංගමය පවසයි.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment