වත්මන් ශූර යුද හමුදාවට පළමු තරගයේදීම ප්‍රහාරයක්

199

අන්තර් ක්‍රීඩා සමාජ 20-20 තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ ජයග්‍රහණ අත්කර ගැනීමට එන්.සී.සී., චිලව් මේරියන්ස්, මුවර්ස් සහ සී.සී.සී. කණ්ඩායම් සමත් වූයේය.

චිලව් මේරියන්ස් කඩුලු හතරකින් යුද හමුදාව පරාජය කිරීමට සමත් වූ අතර සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ’ කොටසට අයත් මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් යුද හමුදාව පන්දු වාර 20 තුළදී ලකුණු 143ක් ලබාගත්තේ ය.

චිලව් මේරියන්ස් ලකුණු 144ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී පන්දු වාර නවයක් වන විට ලකුණු 50කට කඩුලු තුනක් දැවී සිටියත් සිව්වන කඩුල්ලට සුපුන් කාවින්ද (36) සහ චමෝද් සඳරු (36) ලකුණු 71ක සබඳතාවයකින් තම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියහ.

මෙහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලුණු සුපුන් කාවින්ද පන්දු 17කට මුහුණදී හයේ තුනක් සහ හතරේ තුනක් සමඟ ලකුණු 36ක් ද චමෝද් සඳරුවන් පන්දු 26කදී හයේ තුනක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 35ක් ද එක් කළහ.

චිලව් කණ්ඩායමේ නිපුන් ප්‍රේමරත්න සහ කවිඳු නිර්මාණත් යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ සහ කෞමාල් නානායක්කාරත් පන්දු යැවීමේදී කැපී පෙනුණි.

ලකුණු පුවරුව

යුද හමුදාව කඩුලු 7ට 143යි (පන්දු වාර 20යි) – පැතුම් කුමාර 45, තිසර පෙරේරා 41, ෂෙහාන් ප්‍රනාන්දු 10යි. නිපුන් ප්‍රේමරත්න 23/2, කවිඳු නිර්මාණ 25/2යි.

චිලව් මේරියන්ස් කඩුලු 6ට 149යි (පන්දු වාර 19යි) – (සුපුන් කාවින්ද 36, චමෝද් සඳරු 35, ලුසිත් ලක්ෂාන් 19, ලක්ෂාන් එදිරිසිංහ 22/2, කෞමාල් නානායක්කාර 19/2යි).

එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 48 ක ජයක්

එන්.සී.සී. කඩුලු 4ට 182 (පන්දු වාර 20යි) – (උපුල් තරංග 89, කවීෂ අභිෂේක් 46, අහන් වික්‍රමසිංහ නොදැවී 19, නිරෝෂන් දික්වැල්ල 15, යසාන් කවිශ්ක 18/1, කවීෂ සත්සර 33/1යි).

පානදුර සියල්ල දැවී 134යි. (පන්දු වාර 19.4යි) – (සිනෙත් ජයවර්ධන 42, සුඛිත මනෝජ් 42, අසේල් සිගේරා 8/3, චාමික ගුණසේකර 26/2යි).

මුවර්ස් කඩුලු අටකින් ජය ගනී

කැන්ඩි කස්ටම් සියල්ල දැවී 89යි (පන්දු වාර 17.3යි) – හරිඳු ජයසේකර 32, සසිත් මනුරංග 14, අයේෂ් හර්ෂණ 12, මල්ෂා තරුපති 12/4, ළහිරු සමරකෝන් 9/2යි).

මුවර්ස් කඩුලු 2ට 90යි (පන්දු වාර 11.2යි) – සොහාන් ඩී ලිවේරා 46, දිනුක දිල්ෂාන් නොදැවී 27, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 11, යොහාන් සුරේෂ් 17/1, නිසල ආකාෂ් 7/1යි).

සී.සී.සී. ලකුණු 107කින් ගෝල් පරාජය කරයි

සී.සී.සී. කඩුලු 7ට 173 (පන්දු වාර 20යි) – විනුෂ්ක සිල්වා 74, සොනල් දිනුෂ නොදැවී 51, පවන් රත්නායක 15, චතුරංග ද සිල්වා 14, තරින්ද ගුරුගේ 21/3, දමිත් රත්නායක 24/2)

ගෝල් සියල්ල දැවී ලකුණු 66 යි (පන්දු වාර 13.4යි) – (ඕෂද ප්‍රනාන්දු 18, ෂානුක ගලගොඩ 12, නුවන් තුෂාර 14/2, සොනල් දිනුෂ 6/3, සඳුන් මෙන්ඩිස් 6/3

advertistmentadvertistment
advertistmentadvertistment