ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට අපි එකහෙළාම විරුද්ධයි – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

502

* රටේ සම්පත් හොර රහසේ විකිණීමෙන් රජය ජනතා අප‍්‍රසාදයට ලක්වෙලා

* එන්නත්කරණ මාෆියාවට ශී‍්‍ර ලංකාවත් කොටුවෙලා – බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුරුගල්ලේ සිරි ජිනානන්ද හිමි

මාධ්‍යකරුවා කියන්නේ රටේ සිව්වැනි බලවේගය. මාධ්‍ය නියෝජනය කරන්නේ රටේ පුරවැසියන්ව. ආණ්ඩුවේ උත්සාහය මාධ්‍ය මර්දනය නම් අපි එයට එක හෙළාම විරෝධය පළ කරනවා. ආණ්ඩුව අද මාධ්‍ය දඩයමට අත ගසා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය ආයතන වෙත ගිය බවත් ප‍්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව දැනුම් දුන් බවත් අද මාධ්‍ය වාර්තා කර තිබුණා. රටක මාධ්‍යයට බලපෑම් එල්ල කිරීම අපි පිළිකුලෙන් හෙළා දකිනවා.

එය සිදු නොවිය යුතුයි. අග‍්‍රාමාත්‍යවරයාත් ජනමාධ්‍ය ඇමැතිවරයාත් මාධ්‍යවේදීන් හා කතුවරුන්ගෙන් ප‍්‍රශ්න නොකරන ලෙස රහස් පොලිසියට උපදෙස් දී තිබියදී මෙසේ සිදුවීම කනගාටුවට කරුණක් යැයි ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති, දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් කැලණිය පඤ්ඤානන්ද ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ 29 වැනිදා පඤ්ඤානන්ද ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොවිඞ් 19 වෛරසය හේතුවෙන් රජය පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය නිසා පෙළපාලි යෑමට බැරිව ජනතාව අද අසාධාරණය හමුවේ මුණිවත රැුක්කත් ඉඩක් ලැබුණු ගමන් රටේ ජනතාව පාරට බහිනවා. එදාට අපිටත් ඔවුන් සමග පාරට බහින්න සිද්ධ වෙනවා.

මොකද අපි නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් මිස ඇමරිකානුවන් නොවේ.

රටේ සම්පත් රහසේ විකිණීම, කිරිපිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සීග‍්‍රයෙන් ඉහළ යෑම, භාණ්ඩ හිඟය මේ සියල්ල නිසා ජනතාව විශාල ලෙස කලකිරීමට පත්වෙලා. මේ වනවිට ආණ්ඩුව මහජන අප‍්‍රසාදයට පත්වෙලා ඉවරයි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද පැවසීය.

මේ වෙනකොට දෙස් විදෙස් ජනතාව අපෙන් අහනවා අපිට ගෝඨාභය ජනාධිපති කරන්න කිව්වේ ඔබවහන්සේලා. යහපාලකයො විකුණපුවා ආපහු ගන්නවා කියපු කට්ටිය අද මහ? ගිවිසුම් ගහලා රටේ ආර්ථික මර්මස්ථාන විකුණනවා. ගිවිසුම අත්සන් කරපු ඇමරිකන්කාරයාව ඒ ?ම රටින් පිට කරනවා. මේකද ස්වාමීන් වහන්ස සෞභාග්‍යයේ දැක්ම කියලා. දෙන්න උත්තර නෑ. ඇමරිකන් පුරවැසියා නිතරම ඇමරිකාවට කත් අදිනවා කියන එක මේ වැඩෙන් තවදුරටත් රටේ ජනතාව තේරුම් ගත්තා. අපිට උරුම වූ හෙළ වෙදකමිනුත් මේ කොරෝනා වෛරස රෝගය මට්ටු කළ හැකි බව එතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තිබුණත් එය නොකීවේ බටහිරට ගැති නිසයි.

ළමා එන්නත්කරණය ආරම්භ කරමින් රජය ආබාධිත දරුවන්ව ප‍්‍රථමයෙන් එන්නත්කරණය කිරීම පිළිබඳව අපිට සැකයක් මතුවෙනවා. ආබාධිත දරුවන් කියන්නේ කායිකවත් මානසිකවත් නොවැඩුණු පිරිසක්. මට හිතෙනවා මේ ආබාධිත දරුවන් පරීක්ෂකයන් ලෙස යොදාගෙන ද කියලා. මේ පිළිබඳව විවිධ අදහස් මත පළවෙනවා. එන්නත විදීමේදී අත්සනක් ගැනීම කරන්නේ එන්නත විදින්නාගේ ආරක්ෂාවට නොව බලධාරීන්ගේ ආරක්ෂාවටයි.

එමෙන්ම රටේ තරුණ පරපුර එන්නත විදගැනීමට මැළිකමක් දක්වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තියෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේරත් මහතා කිව්වේ මේ එන්නත ගැනීමෙන්

ලිංගික බෙලහීනතා ඇතිවේද නැද්ද කියා අපිට කියන්න බෑ කියලයි. ඒ කතාවේ තේරුම මේ පිළිබඳව පරීක්ෂණයක් කර නැති බවයි. ඉදිරියේදී මේ පිළිබඳව නඩු මගට යෑමට පවා ඉඩ තියෙනවා.

සෞභාග්‍යයේ දැක්මෙන් රටේ මිනිසුන් රැවටීමට දේශීයත්වය ගැන කතාකරත් එවැන්නක් හිතේ නැති බව යුගදනවි ඇමරිකාවට දීම තුළින් වැටහෙනවා.

දේශීය වෙදකමින් මේ වෛරසය පාලනය නොකරන්නේ අද වෙනකොට එන්නතත් හොඳ ව්‍යාපාරයක් බවට පත්වීම නිසයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුරුගල්ලේ සිරි ජිනානන්ද හිමිපාණන් වහන්සේ : මේ වනවිට රජය බලහත්කාරයෙන් එන්නත්කරණය සිදුකරමින් සිටිනවා. පසුගිය දිනෙක සෞඛ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කරා අවශ්‍ය වුණොත් නීතියක් පනවා හෝ එන්නත්කරණය සිදු කරනවා කියා. එය රජයක් විසින් නොකළ යුත්තක්.

කැලණිය – මංගලා මදුරප්පෙරුම
 

advertistmentadvertistment
advertistmentadvertistment