තෝනිගල සෙල් ලිපියේ ආරක්ෂාවට දැමූ මැටි තට්ටුව සෙත් පිරිත් මධ්‍යයේ ඉවත් කෙරේ

787

යුද සමයේදී කාලතුවක්කු ප්‍රහාරවලින් විනාශයට පත්විය හැකි නිසා ආරක්ෂාව සඳහා මැටි අතුරන ලද ඓතිහාසික තෝනිගල සෙල් ලිපියේ මැටි තට්ටුව ඉවත් කිරීම සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පෙරේදා (16 දා) ආරම්භ විය.

මෙම ඓතිහාසික තෝනිගල සෙල් ලිපිය වවුනියාව හොරොව්පතාන මාර්ගයේ සැතපුම් හයක පමණ දුරකින් පිහිටා ඇත. ලෝකයේ ආර්ථික ක්‍රමයක් හා බැංකු ක්‍රමයක් පිළිබඳ තොරතුරු හෙළිකරන දැනට කියවා ඇති එකම සෙල්ලිපිය මෙයයි.

යුද සමයේදී එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් සෙල්ලිපියේ අක්ෂරවලට හානි සිදු විය හැකි නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම සෙල්ලිපිය ආරක්ෂක අංශවල සහාය මත මැටි ආවරණයකින් වසා දැමූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හා නිර්දේශය මත උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුවඇටගම ආනන්ද මාහිමියන් ඇතුලු පළාතේ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය එක්ව මෙම සෙල්ලිපියේ මැටි තට්ටුව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment