නව අගමැති රනිල්ට ආණ්ඩු පක්‍ෂ ඉදිරි පෙළ ජනපතිට යාබද අසුන

190

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17දා) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාක්‍ෂයේ ඉදිරිපෙළ ජනාධිපති අසුනට යාබද 07 වැනි අසුනෙහි අසුන්ගත්තේය.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඔහුට වම්පසින් අසුන්ගෙන සිටි අතර හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ සහ නාමල් රාජපක්‍ෂ මහත්වරු ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. එහෙත් බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්වරු ඊයේ මැතිසබයේ වූහ. පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ඊයේද නිසි පරිදි සිදු කර තිබුණේ නැත. ශ්‍රී ලනිපය සහ විමල්, උදය, වාසුදේව යන මහත්වරුන් ඇතුළු පක්‍ෂ 11ක නියෝජිකයෝ විපක්‍ෂයෙහි අසුන් ගෙන සිටියහ.

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නව නියෝජ්‍ය කථානායකවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරම් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ ද පිළිසඳරේ නිරත විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment