බැලෝච් ක්‍රියාකාරීන් පිටුවහල් කරන්නැයි චීනයෙන් මැදපෙරදිගට බලපෑම්

339

චීන ආයෝජන වලට විරුද්ධව කටයුතු කරන බවට සැකකරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින පකිස්ථානයේ බැලෝච් ක්‍රියාකාරීන් යළි පකිස්ථානය වෙත පිටුවහල් කිරීමට චීනය සිය රාජ්‍ය තාන්ත්‍රික බලය යොදාගෙන ඇතැයි පකිස්ථානයේ බැලචෝනියානු ස්වාධීන මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ලේකම් අබ්දුල්ලා අබ්බාස් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.බැලොච් බෙදුම්වාදීන් 2018 වසරේ දී පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි චීන කොන්සල් කාර්යාල වෙත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග චීනය මෙලෙස කටයුතු කරන බව ද සදහන් කරයි. පකිස්ථානයේ සරුසාර ප්‍රදේශයක් වන බැලොචිස්ථානය පකිස්ථානයෙන් වෙන් කිරීම සඳහා එම ප්‍රදේශයට චීනය ප්‍රහාර එල්ල කරන බව ද ඊට එරෙහිව ක්‍රියා කරන බැලෝච් ක්‍රියාකාරීන්ට එරෙහිව චීනය බලපෑම් කරන බවද අබ්දුල්ලා අබ්බාස් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment