පාර්ලිමේන්තු පනතකට විරෝධය පා ඊශ්‍රායලයේ මහජන උද්ඝෝෂණ

138

ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල අඩු කරමින් සම්මත කරගෙන ඇති දැඩි මතභේදයට තුඩු දී ඇති පනතකට විරෝධය පාමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර හා ජෙරුසෙලම් නගරයේ දැවැන්ත මහජන උද්ඝෝෂණ ඇරඹි තිබේ. අදාළ නගරවල අධිවේග මාර්ග අවහිර කරමින් රජයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුණු දහස් ගණනක පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් පෙරේදා (24දා) රාත්‍රියේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබිණි. මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට දැවැන්ත ජයක් අත් කරදෙමින් පෙරේදා දිනයේ ඊශ්‍රායල රජය විසින් සම්මත කරගෙන ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අඩු කිරීමේ පනතට විරෝධය පාමින් එරට වෛද්‍යවරු ඊයේ (25දා) දිනයේ රට පුරා එක් දින වැඩ වර්ජනයක් දියත් කර තිබිණි.

රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ පියවරක් වශයෙන් හඳුන්වා දෙමින් ඊශ්‍රායල රජය විසින් සම්මත කරගෙන ඇති ඉහත කී පනත ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් බව එරට දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබෙන අතර අදාළ පනත නීතියක් බවට පත් වීමත් සමගම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධාරණ නොවන බව පෙනී යන ක්‍රියාවකට එරෙහි වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබූ හැකියාව නැති වී යන බව ඔවුහු අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment