මාදම්පේ නත්තල් දිව්‍ය පූජාවකට පඬුරු ලෙස ටී 56 උණ්ඩ 2ක් දීලා

254

නත්තල් දිව්‍ය පූජාවකට පඬුරු ලෙස ටී. 56 උණ්ඩ දෙකක් සහිත රත්තරං බර කිරන පඩි ඇතුළත් සැකකටයතු පාර්සලයක් ලබාදීම පිළිබඳව මාදම්පේ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මාදම්පේ මීසමේ දේවස්ථාන 08 ක නත්තල් දිව්‍ය පූජාව 24 දා රාත්‍රියේ පැවති අතර පසුව ඒ ඒ දේවස්ථානවලට ලැබුණු පඬුරු පූජාවන් සියල්ලම මාදම්පේ මීසමේ ප්‍රධාන දේවස්ථානය වන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගෙනවිත් තිබේ. කතෝලික බැතිමතුන්ගේ දේවස්ථානවල දිව්‍ය පූජාව අතරතුර බැතිමතුන් විසින් පඬුරු පූජා කිරීම සාමාන්‍ය සිරිතකි.

සෑම දේවස්ථානයකින්ම රැගෙන ආ පඬුරු පාර්සල් අතර අසාමාන්‍ය පාර්සලයක් තිබෙන බව දේවස්ථානයේ සේවකයකු දැක එය පරීක්ෂා කර ඇති අතර එහි ටී. 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සහ ස්වර්ණාභරණ බර කිරීමට ගන්නා කුඩා ප්‍රමාණයේ මිණුම් පඩි 08 ක් තිබී ඇත. මේ පිළිබදව මාදම්පේ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය කුමන දේවස්ථානයකදී පූජා කළ ඒවාද යන්න තහවුරු වී නොමැති බව පොලිසිය කියයි. මාදම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment