රතු වරෙන්තු මත් ජාවාරමුන්ට වැඩ වරදී – 132ක් අල්ලන්න ඉන්ටර්පෝල් සහාය

383

ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයන් 132 ක් යුරෝපා රටවල සිටින අතර ඉන්ටර්පෝල් පොලිසිය ඔවුන්ට රතු වරෙන්තු නිකුත්කර තිබේ.

මින් වැඩිදෙනා ප්‍රංශය හා ඉතාලියේ සරණාගතයන් ලෙස සිටින බව හෙළිවිය.

මොවුන්ට ද්‍රවිඩ ඩයස් පෝරාව රැකවරණ සලසන බව අනාවරණය වී තිබේ.

මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කල්ලි නායකයකු ඇතුළු ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් 47 ක් ප්‍රංශයේ සිටින බව හෙළිවී ඇත.

මොවුන් ප්‍රංශයේ පැරිස් නුවර සිට සැතපුම් 100 ක් දුර ප්‍රදේශවල සිටින බව හෙළිවී ඇත.

මෙලෙස රතු නිවේදනය කර සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට එවීමට ක්‍රියාකරන බව ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

මේ අතර පසුගියදා ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කුඩු අංජු ඉදිරි සතිය ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment