ගහන්න කුරුඳු පොලු ගෙනා හැටි අනුර කුමාර හෙළි කරයි!

491

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් සිටින බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ලී පොලු රැගත් හමුදාවන්, යකඩ පොලු රැගත් හමුදාවන්, සන්නද්ධ කිරීමට තිබෙන නීත්‍යානුකූල බලය මොකක්ද යැයි විමසන බවත් විවිධ වර්ගයේ කුරුඳු පොලු අරගෙන මේ සාමකාමී උද්ඝෝෂණයන්ට පහර දෙන සංස්කෘතියක් රනිල් වික්‍රමසිංහ ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. කකුළුවා හොඳින් දිය කෙළිමින් ඉන්නේ වතුර රත්වෙනතුරු පමණක් බවත් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයට පහර දීලා, හිර කරලා මැඬ පවත්වන්න පුළුවන් කියලා හිතනවා නම් එය රනිල් වික්‍රමසිංහ දකින දවල් හීනයක් පමණක් බවත් එතෙම පැවසීය.

ගහන්න කුරුඳු පොලු ගෙනා හැටි අනුර කුමාර හෙළි කරයි!

අනුර කුමාර දිසානායක මහතා මේ බැව් පැවසුවේ ඊයේ (09දා) ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment