රසායනික පොහොර භාවිතයෙන් ලංකාවේ වකුගඩු රෝගීන් ඉහළට – ග්ලාස්ගොහි සමුළුව අමතමින් ජනපති කියයි

120

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව කි‍්‍රයා කරනවාට වඩා ඒ සමඟ සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

 ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී පැවැත්වෙන COP:26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ‘‘නයිට‍්‍රජන් නැවත සොයා ගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක‍්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක‍්‍රියාකාරීත්වය’’ තේමාව යටතේ ශ‍්‍රී ලංකාව සංවිධානය කළ විශේෂ සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එරට වේලාවෙන් පෙරේදා (31) ප.ව.5.00 ට මෙම සම්මන්ත‍්‍රණය පැවැත්විණ.

 සිය රජයේ ප‍්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව පැවැසීය.

 නවීන විiාත්මක ශිල්පීය ක‍්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයකි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ‍්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලූවක් වී තිබේ. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මිට ප‍්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩිලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව කියා සිටියේය.

 මෙම කි‍්‍රයාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩිකර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිත කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ‍්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේදී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 පරිසරය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගිතිශීලී න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යායපත‍්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඞ් වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලූම ජාතීන්ට අභියෝගාත්මක බවද පෙන්වා දුන්නේය.

 සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්‍ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකළ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේදී සැලකිය යුතු ප‍්‍රතිලාභයක් ලැබිය යුතු බවද සඳහන් කළේය.

 අද ජීවත්ව සිටින අප සියලූදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා හැකි අයුරින් ඊට දායකවෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියේය. සියලූ දෙනා සාමූහිකත්වයෙන් සහ සහයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

 හරිත කෘෂිකර්මාන්තයට 100% ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත‍්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන්

 පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

 ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලූ විiාඥයන් නයිට‍්‍රජන් සම්බන්ධව කරන ලද සොයාගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට‍්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ‍්‍රී ලංකාවද එම අභියෝගය ජයගනිමින් සිටින බව සඳහන් කළේය.

 ‘‘දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අපේක්‍ෂාව ඣඡුථ26 සහ ඉන් ඔබ්බට’’ යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර එක්සත් රාජධානියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියද අදහස් දැක්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment