ෂාෆිගේ නඩුව ගැන වැරදි මතයක් හැදිලා – අතුරලියේ රතන හිමි

226

ෂාෆි ෂෙහාබ්දින් වෛද්‍යවරයා සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා සෞඛ්‍ය ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යැවීමට කටයුතු නොකිරීමෙන් සිදුකළ බරපතළ වරද නිසා වෛද්‍යවරයා පිළිබඳව වර්තමානයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දින්ට හිඟ වැටුප් ගෙවීමට සහ නැවත සේවයේ පිහිටුවීමට අදාළව සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා රතන හිමියෝ කොළඹදී ඊයේ (17දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පැවසූහ.

මේ සම්බන්ධයෙන් රතන හිමියෝ වැඩිදුරටත් මෙසේ ද කියා සිටියහ.

මෙතන ලොකු වරදක් වෙලා තියනවා. මේ නඩුවේ වර්තමාන තත්ත්වය රාජ්‍ය සේවා කොමිෂන් සභාව දන්නේ නැහැ. මහජනයා හිතන්නෙ නඩුව ඉවරයි කියලා. ෂාෆි නිදහස් වුණා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. නඩුව පවත්වාගෙන යනවා. මහෙස්ත‍්‍රාත් අධිකරණය පිළිඅරන් තියනවා මේකට ප‍්‍රමාණවත් සාක්ෂි තියනවා කියලා. මවුවරු 1200 ක් පැමිණිලි කරලා තියනවා. ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම කළාට පස්සෙ තමුන්ගේ ඊළඟ දරුවා ලැබෙන්නෙ නැහැ කියලා. මෙතන බරපතළ ප‍්‍රශ්නයක් පැන නගිනවා. ගිය ආණ්ඩු කාලෙ සිටි සෞඛ්‍ය ලේකම්වරිය මේ වෛද්‍ය වාර්තාවේ තොරතුරු රාජ්‍ය සේවා කොමිසමට යවලා තිබුණේ නැහැ.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලය, ඒ වගේම 1200 ක් මවුවරුන් ලබාදුන් සාක්ෂි, වෛද්‍ය ෂාෆි කරපු සිසේරියන් සැත්කම්, මැහුම් දැමීමේදී කරපු වැරදි කි‍්‍රයා, දවසකට අනවශ්‍ය තරම් සැත්කම් කිරීම, සැත්කම්වලට මවුවරුන් අනවශ්‍ය විදිහට පෙළඹවීම, ඒ සැත්කම්වලින් පස්සෙ ඊළඟ දරුවා නොලැබීම යන මේ කරුණු මත තමයි මේ නඩුව ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ නීති රෙගුලාසිවලට අනුව ජන සංහාරයක් කිරීමේ අරමුණෙන් කළ අපරාධයක් ගණයටයි. මේ වගේ දේවල් සිද්ධ වුණේ හිට්ලර්ගෙ කාලෙ. මේක ඉතාම බරපතළ නඩුවක්.

අපි මේකට අනවශ්‍ය විදිහට මැදිහත් වුණේ නැහැ. අපි උසාවියට බලපෑම් කළේ මේ නඩුව හරියට කරන්න කියලා. පොලිසිය එදා මේකට බය වුණා. ජාතිවාදය ඇවිස්සෙයි කියලා. ආණ්ඩුව එදා බය වුණා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment