හොර බීඩි කොළ නිසා කෝටි 525ක බදූ වාෂ්ප වෙලා

102

බීඩි එතුම් කොළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නිසා රජයට වසරකදී රුපියල් කෝටි 525 කට අධික මුදලක් අහිමි වන බවත් එම මුදල් අයකර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා බීඩි සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ දුම්කොළ ආනයන කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

බීඩි එතීමට ඉන්දියාවෙන් ආනයනය කරන තෙන්දු කොළ කිලෝවකට රුපියල් 6000 ක සෙස් බද්දක් අයකරන හෙයින් එම කොළ කිලෝවක් රුපියල් 9500 ක් පමණ වන බව ද එම සංගමය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

එහෙත් බෝට්ටුවලින් හොර පාරෙන් ගෙනෙන බාල වර්ගයේ තෙන්දු කොළ කිලෝවක් රුපියල් 5700 කට පමණ මිලකට කළු කඩයෙන් ලබාගත හැකි බව ද පවසන එම සංගමය එම නීති විරෝධී ආනයය නතර කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද සඳහන් කර ඇත.

හොර පාරෙන් ලැබෙන තෙන්දු කොළවලින් නිෂ්පාදක බීඩි වෙළෙඳ පොළ අරක්ගෙන ඇති බව ද ඒවා අඩු මිලට අලෙවි කිරීම නිසා නීත්‍යනුකූලව බීඩි නිෂ්පාදනය කරන්නන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව එහි සඳහන් වේ.

බීඩි කොළ සඳහා අයකරන සෙස්බද්ද ඉවත්කර බීඩියක් සඳහා රුපියල් 3.50 ක සෘජු බද්දක් අයකරන්නැයි තම සංගමය රජයට යෝජනා කරන බව ද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment