ඩොලරය අඩු වන නිසා පාසල් උපකරණ මිල අඩු කළා

241

ඩොලරයේ අගය අඩුවීමට සාපේක්‍ෂව පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත්, පාසල් බෑග්, පාසල් සපත්තු, වතුර බෝතල් ඇතුළු අධ්‍යාපනික උපකරණවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ඇතැයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති තිරුක්ෂ කුමාර මහතා පැවැසීය.

ඉතා අපහසුතාවයට පත්ව සිටින පාසල් දරුවන්ගේ දෙමාපියන්ට මෙය සහනයක් බවද හෙතෙම කීය.

ඒ අනුව රුපියල් 3000 ට ඉහළ නැග තිබූ පාසල් බෑගය රුපියල් 2000, 2500 දක්වාද රුපියල් 4500 ට තිබූ පාසල් සපත්තු යුගලය රුපියල් 3000 දක්වාද රුපියල් 1000 දක්වා ඉහළ නැග තිබූ වතුර බෝතලයක මිල රුපියල් 600 ත් 700 ත් අතර දක්වා ද පහත හෙළුෑ බවද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment