ඉන්දියාවට 4-1 ක ජයග්‍රහණයක්

115

ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරග පහකින් යුත් පන්දු වාර 20-20 තරගාවලිය 4-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූයේය.

දෙරටේම ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විවේක ගන්වා පැවැති මෙම තරගාවලියේ පෙරේදා රාත්‍රියේ පැවති අවසන් තරගයෙන් ද ඉන්දියාව ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් ලැබීය.

ඉන්දියාව එම තරගයේ දී ලකුණු 160 ක් ලබා ගත් අතර ඔස්ටේ්‍රලියාවට ලබාගත හැකි වූයේ ලකුණු 154 කි.

අවසන් තරගයේ වීරයා ලෙස අක්සාර් පටෙල් ද, තරගාවලියේ වීරයා ලෙස රවී බිෂ්නෝයි ද සම්මාන ලැබූහ.

ඔස්ටේ්‍රලියාව මෙම තරගාවලියේ ජය ගත් තුන් වැනි තරගයද ග්ලේන් මැක්ස්වෙල්ගේ දස්කම් මත ජය ගත් අතර එහිදී ඔහු පන්දු 48 කදී නොදැවී ලකුණු 104 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment