ජනපතිගේ කමිටුව ගැනත් විශ්වාසයක් නෑ – සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

84

ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත කමිටුවෙන් ද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපක්‍ෂපාතී අවංක විමර්ශනයක් සිදුවෙතැයි අපේක්‍ෂා නොකරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය.

මෙම කමිටුව ද ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් පමණක් වනු ඇතැයි ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා සඳහන් කළේය.

මෙම විහිළුසහගත කමිටු රටේ ජනතාව පිළිනොගන්නා බවත්, පාර්ලිමේන්තු කමිටු හෝ විශ්‍රාමික විනිසුරුවරයකුගේ නායකත්වයෙන් කමිටු පත්කිරීම ජනතා මුදල් නාස්තියක් සහ ජනතාව මුලා කරන උත්සාහයක් පමණක් බැවින් මෙම විමර්ශන කමිටුව පිළිබඳව ද තමන් කිසිදු විශ්වාසයක් නොතබන බව ද සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment