නායකත්වයක් නැතිව අසරණ වූ පොහොට්ටු පාක්‍ෂිකයා වෙනුවෙන්  ලබන 4 වැනිදා නව නිවසක් හදනවා – උදය ගම්මන්පිල

128

නායකත්වයක් නොමැතිව අසරණ වී සිටින පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ට අභිමානයෙන් යළි නැඟීසිටීම සඳහා නව සන්ධානයක් බිහි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.

ලබන සැප්තැම්බර් මස 4 වැනිදා එම නව සන්ධානය බිහි කරන බවත් ඒ සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

‘උඹත් හැටනම ලක්ෂයේ එකෙක්ද’ අසා සිනාසෙන මට්ටමට පසුගිය කාලයේදී අසරණ කර ඇති පොහොට්ටු පාක්ෂිකයාට අලුතින් බිහි කරන සන්ධානය නව නිවසක් වනු ඇතැයි ද ගම්මන්පිල මහතා පැවසීය. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වූ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අතරමං වුණා. නායකත්වයක් නැති වුණා. අපි ඔවුන්ට එන්න නිවසක් හැදුවා මහින්ද සුළඟ කියලා. දැන් නැවතත් පොහොට්ටුවේ පාක්ෂිකයා අසරණ වෙලා. ඔවුන් වෙනුවෙන් තමයි නව නිවස හදන්නේ’ යැයි ද හෙතෙම කීවේය.

ජූලි නව වැනිදා සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර සහ එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment