මන්දිරවලට හානි කළ තවත් 9 ක් අල්ලයි – සැකකරුවන් අතර  හිමි නමක් සහ කතක්

147

ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අගමැති කාර්යාලයට කඩාවැදී එහි දේපළවලට හානි කළ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් නව දෙනකු පොලිසිය මගින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර හිමිනමක් සහ කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි.

කොළඹ උතුර සහ මිරිහාන අපරාධ කොට්ඨාස සිදුකළ මෙහෙයුම්වලින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ගාමිණි ලොකුගේ මහත්වරුන්ගේ නිවාසවලට ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙක්ද මෙම සැකකරුවන් අතර සිටිති.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් පසු මෙම සැකකරුවන් හඳුනාගත් බවද පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බවත් මෙම සිද්ධීන්වලට සම්බන්ධ තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් පොලිසිය කියා සිටියි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment