රාජ්‍ය ආයතනවලට ගත් වාහනවල කුලිය 80‍% කින් වැඩි කරන්න – වාහන හිමිකරුවෝ ඉල්ලති

183

ති‍්‍රවිධ හමුදාව ඇතුළු රජයේ ආයතන සඳහා ලබාගෙන ඇති වාහනවලට ගෙවන කුලී මුදල සියයට 80 කින් වැඩිකරන ලෙසත් එසේ නොකරන්නේ නම් මැයි 01 වැනිදා සිට එම වාහන හිමිකරුවන් වෙත මුදාහරින ලෙස වාහන කුලී ගෙවීම් හිමිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

රජයේ විවිධ ආයතන සඳහා කුලී පදනම මත බර වාහන හා සැහැල්ලූ වාහන 5,800 කට අධික ප‍්‍රමාණයක් මේ වනවිට ලබාගෙන ඇති බවත් ඉන් වැඩි වාහන ප‍්‍රමාණයක් ති‍්‍රවිධ හමුදාව සඳහා ලබාගෙන ඇති බවත් එම සංගමය පවසයි.

මෙම වාහන සඳහා 2018 වර්ෂයේ අනුමත වූ චක‍්‍රලේඛයකට අනුව ගෙවීම් කරන බවත් වාහන අමතර කොටස්, ටයර්, ඉන්ධන හා සේවා ගාස්තු අධික ලෙස ඉහළ යෑම නිසා එම මුදලට වාහන ලබාදීම සිදුකළ නොහැකි බවත් වාහන හිමියන් විසින් අදාළ රාජ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ.

දැනට ගෙවන මුදලට සියයට 80 ක් එකතු කර 2022 ජනවාරි මස සිට ගෙවන ලෙසත් එසේ නොවන්නේ නම් එම වාහන හිමිකරුවන්ට මුදාහැරීමට කටයුතු කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment