ලෝකයේ බලවත්ම කාන්තා සම්මානය සුචිත්‍රාට

781

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී කාන්තා දින උත්සවය පැවැත්විණි.

ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ජාතික ධජය ඔසවමින් උත්සවය ආරම්භ කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවේ Bharat Biotech International Limited හි සම නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂ සුචිත්‍රා ඇල්ල මහත්මිය සහභාගි විය.

කොවිඩ් සමයේදී කොවිඩ් එන්නත සොයාගත්, බිලියන 600 ක කොවිඩ් එන්නත් සකස් කර මිනිසුන්ගේ ජීවිත බේරාගත් සුචිත්‍රා ඇල්ල මහත්මියට “ලෝකයේ බලවත්ම කාන්තාව” සම්මානය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා අතින් පිරිනැමිණි.

එමෙන්ම ත්‍රිකුණාමලයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සංවිධාන ආදී ක්‍ෂේත්‍රවල ජයග්‍රහණ

රැසක් අත්කරගත් කාන්තාවන්ට සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

සංස්කෘතිකාංග සහ කාන්තා ජයග්‍රහණ සඳහා උපහාර තිළිණ ප්‍රදානෝත්සවයක් ද පැවැත්වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. තවුෆික්, ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස්. රත්නායක, දිස්ත්‍රික් ලේකම්, ආණ්ඩුකාර ලේකම් එල්. පී. මදනායක, ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගි වූහ.
ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment