අල්ලූ අරවින්ද්ගේ චිත‍්‍රපට දර්ශනතල සඳහා ශ‍්‍රී ලංකාව තෝරයි!

227

තෙළිඟු සිනමාවේ ප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයකු වන අල්ලූ අරවින්ද් මහතා සිය ඉදිරි නිර්මාණ පසුතල සඳහා ශ‍්‍රී ලංකාව තෝරා ගැනීමට කැමත්ත පළ කර ඇත. ඔහු එම කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන්නේ 4 වැනි නවෝත්පාදක ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලට සමගාමීව පැවති ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තරය තුළ ඇති අවස්ථා ගවේෂණය කිරීමේ සැසියේදීය.

ජාත්‍යන්තර තලය තුළ ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇති අවස්ථා ගවේෂණය කරමින් චෙන්නායි හි පිහිටි ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය හා එක්ව මෙම සැසියට ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ කණ්ඩායමක් සහභාගි කරවා තිබිණ.

2021 ඔක්තෝබර් 14-17 යන දිනවල බැංගලෝරයේ ජේ.ඩබ්. මැරියට් හෝටලය සහ ඉනොවටිව් මල්ටිප්ලෙක්ස් රඟහල තුළ පැවති 4 වැනි නවෝත්පාදක ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල (IIFF) සඳහා ශ‍්‍රී ලංකාවේ සිනමා වෘත්තිකයන්ගෙන් සුසැදි නියෝජිත කණ්ඩායමක් ප‍්‍රථම වතාවට සංවිධානය කළේ ය.

එම නියෝජිත පිරිස ලංකාව තුළ ජාත්‍යන්තර චිත‍්‍රපට රූගත කිරීම පිළිබඳ ඉතිහාසය, දර්ශන පසුතල සඳහා දිවයිනේ ඇති ගමනාන්ත, ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදකයන්ට ලබා දෙන විශිෂ්ට යටිතල පහසුකම් සහ සහන පිළිබඳ ඉදිරිපත් කළ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරයා කළ ආරාධනයකට අනුව අල්ලූ මහතා විසින් ඉදිරි නිර්මාණයකට ශ‍්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment