සජිත්ගේ නායකත්වයෙන් විපක්‍ෂයේ සන්ධානයක්

153

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට විපක්‍ෂයේ සියලු පක්‍ෂ එකඟ වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (24 දා) පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවත් ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන මර්දනකාරී පනත්වලට විරුද්ධවීමට ක්‍රියාකරන බවත් හෙතෙම සඳහන් කෙළේය.

මෙම සන්ධානය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන්ගෙන සිටින සාමාජිකයන් ද එකඟතාව පළ කළ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරි ජනාධිපතිවරණය දක්වා මෙම සන්ධානය පවත්වාගෙන යන බව ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment