අද සාකච්ඡාවෙන් විසඳුමක් නැතිනම් සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට

47

මුදල් අමාත්‍යාංශය සමග අද (6 දා) පැවැත්වෙන සාකච්ඡාවලදී සාර්ථක විසඳුමක් නොලැබුණොත් යළි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස රජයට බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කින් සමන්විත ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ දිගින් දිගටම උද්ඝෝෂණ සහ විරෝධතාවේ සිටී.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ උද්ඝෝෂණ මාලාවේ තවත් අදියරක් ඊයේ (5 දා) දහවල් 12.00 ට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment