අයි.එම්.එෆ්. මුල්ම වාරිකය ඊයේ ලැබුණා – මුදල් ලේකම්

91

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ පළමු වාරිකය ඊයේ (23දා) ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 333කි. එම මුදල වියදම් කිරීම පිළිබඳව එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉන් කොටසක් මෙවර වැටුප් ගෙවීමටද යොදාගන්නා බව කීය. එහිදී රට බේරා ගැනීමටත් ආර්ථික අවදානමෙන් මුදා ගැනීමටත් අයි.එම්.එෆ්. හරහා ගන්නා උත්සාහයට ජනාධිපතිවරයා මාධ්‍ය සහය ඉල්ලා සිටියේය. මේ අතර රාජ්‍ය ව්‍යවසායන් 7ක රජය සතු කොටස් අයිතිය පැවැරීමට අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම්, රක්‍ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයට්, කොළඹ හිල්ටන්, ලිට්‍රෝ ගෑස්, ලංකා හොස්පිට්ල් එම ව්‍යවසායන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment