පොල්තෙල් ජාවාරම නැවතත් පරණ විදියටම ක්‍රියාත්මක වෙනවා – රිෆයින් කරන ලද පොල් තෙල් කෑමෙන් පිළිකා හැදෙනවා

179

තුෂාර ඉඳුනිල් අමරසේන
අධිකරණ ඇමැතිවරයාට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන තියෙන්නේ පුදුම කැක්කුමක්

පරණ විදිහටම නැවත පිරිසිදු කරන ලද පොල්තෙල් ජාවාරමක් මේ වෙනකොට ආයෙත් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

විජේදාස රාජපක්ෂ අපේ රටේ අධිකරණ ඇමැතිවරයාට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මොකද්දෝ පැටලිලි සහගත මානසිකත්වයක් තියෙනවා. එතුමා එක එක වෙලාවට නෞකාව සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රකාශ කරනවා. ඒ කරන ප්‍රකාශ වලට එතුමා උත්තර ලබා දෙන්නෙත් නැහැ එකපාරක් බොහොම ආන්දෝලනාත්මක කතාවක් ප්‍රකාශ කළා වන්දි ඉල්ලීමේ නඩුව පිළිබඳව මගහරින්න මිලියන 250 ක අල්ලසක් ලබා දුන්නා යැයි කියන චෝදනාව මතු කළා. එතුමාගේ ඒක ප්‍රශ්න කරාම ඒක එතුමාටත් තවත් කෙනෙක් විසින් කියන ලද්දක් යැයි කියල බොහොම අවඥාවෙන් පැත්තට යොමු කළා. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්තයට එහෙම කතා කරන්න බැහැ. මොකද ඔහු මේ රටේ අධිකරණ ඇමැතිවරයා යුක්තිය පසිඳලන ක්‍රියාන්විතයේ භාරව ඉන්න ඇමැතිවරයාට ඒ නිසා සෙල්ලම් කතා කියන්න බැහැ. දැන් එතුමා පහුගිය දවසක රූපවාහිනි 360 වැඩ සටහනදී ආයෙත් ප්‍රකාශයක් කළා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන් නෞකාව වෙනුවෙන් ඉන්දියාව ලබා දුන්නා සේවය සඳහා ඉන්දියාව ඉන්දියන් රුපියල් මිලියන 890 සර්විස් චාජ් එකක් ලංකාවෙන් ඉල්ලනවා කියලා. නමුත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා අපි කිසිම අවස්ථාවක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනුවෙන් හෝ නිව් ඩයමන් නෞකාව වෙනුවෙන් ලබාදුන් සේවාවට සර්විස් චාජ් එකක් වන්දි මුදලක් ලංකාවෙන් ඉල්ලා නැහැ කියලා. ඒක පුවත්පත්වල ශිර්ෂවලට ඇවිල්ලත් තියෙනවා. මොකද්ද අධිකරණ ඇමතිවරයාට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් තියෙන කැක්කුම රටේ ඉන්න අධිකරණ ඇමතිවරයාට මෙහෙම ප්‍රකාශ කරන්න පුලුවන්ද, මොනවද මේ අල්ලස් දුන්නා යැයි කියනවා සේවා

ගාස්තුවක් ඉල්ලනවා කියනවා. ඒ වගේම විජයදාස රාජපක්ෂ මහත්මයාට අයිති නැති කටයුත්තක් නැව පිළිබඳව එතුමාට අයිතිව තිබුණු ප්‍රධානම දේ තමයි වන්දි ඉල්ලා නඩු දාන එක. ඒ කටයුත්ත කෙටි කිරීම නිසා දැන් හතරගාතෙ දාගෙන අනාගෙන විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ ඇමතිවරයා ඇතුළු සියලු දෙනාගේ රෙදි ගලව ගත්තා.

ඉන්දියාව කියන්නේ අපි අසල්වැසි රටක් මිත්‍ර රටක්. විජයදාස රාජපක්ෂ මහත්මයා මොනවද මේ කියන කතා. මොන පදනමකින් කියන කතාද? රටේ අධිකරණ ඇමතිවරයා මේ වගේ වගකීම් විරහිත කතා කියන්නේ කුමන පදනමකින්ද? මේ රටේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය නාලිකාව ඉඳලා මුළු රටටම ඇහෙන විදිහට මේ වගේ කතා කියන්නේ මොන අවබෝධයකින් ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

අද අපේ රටේ ඉන්න පොල් ඉඩම් හිමියන්ගේ පොල් කුඩා වතු හිමියන්ගේ පොල් ගෙඩියෙන් ජීවත් වෙච්ච අපේ අහිංසක මිනිස්සුන්ගෙන් ආදායම ශීඝ්‍රයෙන් පහළට බැහැලා. පොල් ආශ්‍රිතව නිෂ්පාදන කරපු පොල් තෙල් කිරීමේ කටයුතු පවත්වාගෙන යන පොල්මල්කරුවන් බොහොම බරපතල අර්බුදයකට ලක් වෙලා. රටේ නිෂ්පාදනය වෙන පොල්වලින් ඔවුන් නිෂ්පාදනය කරන පොල් ටිකට නිසි මිලක් නැතිව අද මේ රටේ පොල් කර්මාන්තකරුවන් සහ පොල් ඉඩම් හිමියන් බරපතළ අර්බුදයකට ලක් කරලා. මේක මොකක්ද කියන එක ආපහු හොයලා බලද්දි අපිට ආරංචි වෙනවා පරණ විදිහටම නැවත පිරිසිදු කරන ලද පොල්තෙල් ජාවාරමක් මේ වෙනකොට ආයෙත් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. මෙතැන කාරණා දෙකක් එකක් තමයි රිෆයින් කරපු පොල් තෙල් භාවිතා කරලා පැත්තකට දාලා ආපහු පිරිසිදු කරනවා කියලා. එක අතකින් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. තෙල් කිහිපවාරයක් භාවිතා කරාට පස්සේ ඒ වගේ හැදෙන ඔක්සයිඩ බරපතල විදිහට ජනතාවගේ සෞඛ්‍යයට හානි කරනවා. පිළිකා තත්ත්වයන් ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි නැවත නැවත භාවිතා කරන පොල් තෙල්. දැන් එතකොට ආර්ථික වාසියක්, ජාවාරමක් වෙනුවෙන් ජනතාවට කන්න දෙන්න ඒ රිෆයින් කරපු පොල්තෙල් ටික ආපහු ගේනවා නම් සහ ගේන්න ඉඩ දෙනවා නම් එක පැත්තකින් ලොකු ප්‍රශ්නයක්.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment