සුඛෝපභෝගී විනෝදජනක නැවුම් අත්දැකීමක් සමඟ Cargills Square කටුබැද්ද විවෘත වේ

276

ස්වදේශීය ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Cargills විසින් ලාංකේය සුපිරි වෙළඳසැල් ව්‍යාපාරයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුබැද්ද Cargills Square වෙළෙඳ සංකීර්ණය පසුගියදා විවෘත කරන ලදී.

Cargills FoodCity සුපිරි වෙළඳසැල්, KFC අවන්හලක්, තවත් අවන්හල් කිහිපයක් සහ විශාල පරිමාණයේ Food Court එකක් සමගින් නිම වූ Cargills Square තුළ, නවීන ත්‍රිමාණ තාක්ෂණයෙන් බලගැන්වුණු සිනමා ශාලා ඇතුළුව සිනමා ශාලා 03 ක් ඇතුළත් වේ.

මෙසේ විවෘත වූ කටුබැද්ද සිව්මහල් Cargills Square සංකීර්ණය, එකම වහලක් යටින් චිත්‍රපට නැරඹීමේ අවස්ථාව මෙන්ම Cargills FoodCity වෙතින් භාණ්ඩ මිලදී ගැනීම සහ තවත් බොහෝ විනෝදජනක අත්දැකීම් විඳගැනීමට පාරිභෝගිකයන් වෙත ඉඩ සලසාදී තිබේ.

ගාලු පාර ඔස්සේ Cargills Square කටුබැද්ද වෙත ඉතා පහසුවෙන් ළඟාවීමට හැකි අතර බිම් මහලේ වාහන නැවැත්විමේ පහසුකම්ද සපයා ඇත. රුපියල් බිලියන 1.5 ක ආයෝජනයකින් ඉදිකරන ලද මෙම සිව්මහල් සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණය තුළින් පාරිභෝගිකයන් වෙත සුඛෝපභෝගී සාප්පු සවාරි සහ විනෝදජනක අත්දැකීම් ලබා ගැනීමට හැකිවනවා මෙන්ම දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා Cargills සමාගමෙහි නොපසුබට උත්සාහයද විදහා දක්වයි.

2021 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද වසර 2 කට අඩු කාලයකදී නිම කිරීමට හැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment