”LG ගම හදන නියමුවා” වැඩසටහන විසින් අම්පාර ප‍්‍රදේශයේ දියත් කළ ”කී‍්‍රඩාශීලී උද්‍යෝගිමත් හෙටක්” ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ

56

ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් තලයකට රැගෙන ඒම වෙනුවෙන් දියත් කරන ලද LG ගම හදන නියමුවා සමාජ සත්කාරක මෙහෙවර යටතේ අම්පාර, මුවන්ගල ග‍්‍රාමයේ කි‍්‍රයාත්මක කළ ”කී‍්‍රඩාශීලී උද්ද්‍යෝගිමත් හෙටක්” ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

අම්පාර, මුවන්ගල ග‍්‍රාමයේ වොලිබෝල් කී‍්‍රඩකයින් සඳහා කී‍්‍රඩා පිටිය නවීකරණය කර දීමට සහ කී‍්‍රඩා පහසුකම් ලබා දීමට LG ගම හදන නියමුවා ව්‍යාපෘතිය ඔස්සේ කටයුතු සම්පාදනය විය. ඉතා අවම පහසුකම් යටතේ වොලිබෝල් කී‍්‍රඩාවේ නිරත වන ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන් රැසක් එම ගම් පියසෙන් මේ වන විටත් බිහි වී සිටියි. ඔවුන්ගේ කී‍්‍රඩා පිටිය නවීකරණය කිරීමටත්, කී‍්‍රඩා විවේකාගාරය සහ වැසිකිලි පද්ධතිය සාදා දීමටත් අවශ්‍ය කටයුතු මේ ව්‍යාපෘතිය ඔස්සේ සිදු විය.

මෙම ව්‍යාපෘතිය නිසා අසල ගම් දෙකක 2000 කට අධික පිරිසකට ප‍්‍රථිලාභ හිමිවන අතර ගම් වල තරුණ ප‍්‍රජාව කී‍්‍රඩාවට යොමු වීම හරහා වෙනත් භයානක සමාජ විරෝධී කි‍්‍රයාවන්ට සහ අපචාරයන්ට යොමු වීමට ඇති හැකියාවද වැළැක්වෙනු ඇත. ළමා හා යොවුන් පරපුර කී‍්‍රඩාවට යොමු වීම හරහා ශාරීරිකව මෙන්ම මානසිකවත් ඔවුන්ව සවිබල ගැන්වෙන අතර සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම වැනි යහපත් ගුණාංග ඔවුන් තූළ වර්ධනය වනු ඇත.

ලොව සුපතල ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දැවැන්තයෙකු වන LG සමාගම, ශ්‍රී‍්‍ර ලාංකික ව්‍යාපාර දැවැන්තයෙකු වන අබාන්ස් සමූහ ව්‍යාපාරය, Community Chest of Korea සංවිධානය සහ Korea Friends of Hope International Sri Lanka සංවිධානය (KFHI) එකට එකතුව දියත් කළ LG ගම හදන නියමුවා වැඩසටහනේ දී ශී‍්‍ර ලංකාවේ තරුණ ප‍්‍රජාවට සිය ග‍්‍රාමීය ප‍්‍රදේශයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන නියමුවන් බවට පත් වෙමින් ඒවා සම්පූර්ණ කර ගැනීමේ දී පෙරමුණ ගැනීමට අවස්ථාව සලසන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment